Tuesday, January 8, 2019

වෙළඳ දැන්වීම් කරනය තුළ ස්ත්‍රීය


ස්ත්‍රීත්වය ලෝකයේ බලපෑම් නොකරන ක්ෂේත්‍රයක් නොමැති තරම් ය.සතුට, දුක, කනස්සල්ල, අරක්කු බීලා වැඩිවුණාම, ජීවිතය කලකිරීම, යන ස්වභාවික ජීවිතයේ අවස්ථාවන්හී පටන් එය වැඩී ආවේය.ස්ත්‍රීයට සම තැන ද නිසි තැන ද යන්න කතා කිරීමට වඩා ස්ත්‍රීය නොමැතිව කළ හැක්කේ කුමක්ද යන්න සලකා බැලීම වටී.රූපවාහිනිය ඔන් කළ තැනේ පටන් ස්ත්‍රී රූප නම් කොතෙකුත් දක්නට ලැබේද? විශේෂයෙන් ම මෙම කරුණ වෙළඳ දැන්වීම්කරණය කෝණයෙන් ගෙන බලන්න.විනාඩි කිහිපයකින් කට තුළ දියාරු වී යන ලොසින්ජරයේ පටන් ජීවිතයේ නොයෙකුත් අවශ්‍යතාවන්ට අවශ්‍ය සියල්ලක් ම විකීණීමට ස්ත්‍රීය භාවිතා නොකර හැකි වී තිබේද?

සංගක්කාර වැනි ප්‍රසිද්ධිය දිනා ගත් තවත් බොහෝ නිරූපණ ශිල්පීන් කොතරම් වෙතත් වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් සලකා බලන විට කාන්තාව කවුරු වුවත් ඇයව යොදාගෙන කළ දැන්වීම් හා සැසඳීමේ දී පිරිමියා අභිබවා භාණ්ඩය සමාජ ගත කරවීමට කාන්තාවට නො එසේනම් ස්ත්‍රීයට හැකියාව ලැබී ඇත.

පහත නිර්මාණාත්මක වෑයම ඒ කියාපෑම සඳහා එක් කුඩා ප්‍රයාසයකී.
(සංවාදයට විවෘතයි.)



No comments:

Post a Comment