Showing posts with label විශේෂාංග. Show all posts
Showing posts with label විශේෂාංග. Show all posts

Sunday, January 20, 2019

වින්නඹු මාතාවන්ගේ ඓතිහාසික කාර්යභාරය





ශතවර්ෂ ගණනාවකට එහා ඉතිහාසයකට හිමිකම් කියන වින්නඹු කර්මය මෙලොව ඉපැරණි තාක්‌ෂණික සේවාවකි. ලෝ ප්‍රකට දාර්ශනික සොක්‍රටීස්‌ගේ මවද වින්නඹු ස්‌ත්‍රියක්‌ බව ඉතිහාසයේ සඳහන් වේ. වින්නඹු මාතාව යනු සිංහ හදවතක්‌ සහ කාරුණික දෑතක්‌ හිමි තැනැත්තියක්‌ බව ඇරිස්‌ටෝටල් පඬිවරයාගේ අදහස විය.

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම ප්‍රසවයට සහය වන්නියක්‌ සෑම ජන කොටසක්‌ තුළම සිටි බවට ඉතිහාසය සාක්‌ෂි දරයි. එය වෘත්තියක්‌ ලෙස නොව හද ඉපිල ගිය මානව දයාවෙන්ම තම වර්ගයා උදෙසා ඉටු කළ සේවාවක්‌ම විය.

මෙම අන් සියලු ක්‍ෂේත්‍රයන් සමගම විද්‍යාත්මක තාක්‌ෂණික විකාශනයක්‌ දියුණුවක්‌ ලැබූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ වින්නඹු සේවාව ද වර්තමානය දක්‌වා ඉතා සාර්ථක මාවතක පැමිණ ඇත. ඒ මෙරට මව් මරණ අනුපාත ළදරු මරණ අනුපාත දිනෙන් දිනම අවම කර ගනිමින් ඉතා උසස්‌ සෞඛ්‍ය දර්ශකයන්ට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඔසවා තබමින් පරම්පරාගතව බොහෝවිට මවගෙන් දුවට හිමිවෙමින් ජනතාව තුළ නිරන්තර ගෞරවාදරයට පත් වෙමින්a වින්නඹු කර්මය මෙරට කාන්තාවන් විසින් සිදු කරගෙන පැමිණ ඇත.

මෙරට සමාජ සම්ප්‍රදාය තුළ ගැබ් ගැනීම, ගැබ දරා සිටීම, දරු ප්‍රසූතිය, දරුවා මව රැක බලා ගැනීම සහ පෝෂණය සුවිශේෂී වැදගත්කමක්‌ දැරූ අංගයන්ය. වින්නඹු අම්මා නම් චරිතය ප්‍රවේශ වන්නේ මෙකී රෝගයක්‌ නොවන සාමාන්‍ය තත්ත්වයකට සහය වීම සඳහා හෙවත් සේවාව සැපයීම සඳහායි.

1880 වසරේ ප්‍රථම වින්නඹු සේවිකාවන් 6 දෙනා පුහුණු කරමින් දකුණු ආසියාවේ ප්‍රථම මාතෘ රෝහලවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මාතෘ රෝහල ආරම්භ විය. ඒ කොළඹ 08 පිහිටි ද සොයිසා කාන්තා රෝහලයි. විධිමත් පුහුණුවකින් අනතුරුව ආයතනික දරු ප්‍රසූත කටයුතු මෙලෙස ආරම්භ වන අතර ඊට සමගාමීව 1883 වසර වන විට කොළඹ මහ නගර සභා පරිශ්‍රය තුළ ක්‍ෂේත්‍ර පුහුණුව ආරම්භ කරමින් විධිමත් පුහුණුවක්‌ ලැබූ වින්නඹු මාතාවන් ක්‍ෂේත්‍ර සේවා කටයුතු සඳහා යොමු විය.

එතැන් පටන් වත්මනට විකාශය වී ඇති වින්නඹු කර්මය පූර්ව ප්‍රසව සත්කාරය, ප්‍රසව සත්කාරය, පසු ප්‍රසව සත්කාරය මූලික කොට ගනිමින් ප්‍රතිශක්‌තීකරණය, ළදරු ළමා සත්කාරය, වැඩිහිටි සත්කාරය, යොවුන් සෞඛ්‍ය පාසල් සෞඛ්‍ය, සුවනාරී සායන, පවුල් සංවිධාන, සෞඛ්‍ය අධ්‍යාපනය, බෝවන රෝග පාලනය, බෝ නොවන රෝග පාලනය, හදිසි ආපදා අවස්‌ථා ආවරණය ආදී විවිධ පැතිකඩ රාශියක්‌ ආවරණය කරමින් දිවයින පුරා ඵලදායී ශක්‌තිමත් සෞඛ්‍ය සේවාවක්‌ මෙරට මව් දරුවන් ප්‍රමුඛ සමස්‌ත පවුලට ප්‍රජාවට සපයමින් සිටී.

මෙම ලිපිය සෞඛ්‍ය සන්නිවේදනය විෂය ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්වෙනුවෙන් හා සමාජ දැනුවත් භාවය වෙනුවෙන් ලිවීමට සිත් විය.
සටහන : පූර්ණිමා සෙව්වන්දි

Wednesday, October 17, 2018

  
   කවුද මේ  ලෝරා ජේ රිචර්ඩ්සන් ?


         ඈ එක්සත් ජනපද හමුදාවේ විශාලතම මෙහෙයුම මෙහෙයවන ප්‍රථම කාන්තාවයි. ඇය පිළිබඳව පුවත පළ කරන ලද සී.එන්.එන් පුවත් සේවය ඇය පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

 "ලුතිනන් ජෙනරාල් ලෝරා ජේ රිචඩ්සන් විසින් එක්සත් ජනපද හමුදාවේ වීදුරු සිවිලිං කිහිපයක් කැඩී ගියේය. දැන් ඇය අලුත් එකක් කැඩීමට තීරණය කර ඇත." ( Lt. Gen. Laura J. Richardson has succeeded in breaking through a few glass ceilings in the US Army. Now she's set to break a new one.) 

යුධ හමුදා බලකායේ හෝ ෆ්රොස්කොම් ඉතිහාසයේ ප්‍රථම වතාවට යුධ හමුදාවේ විශාලතම නිලධාරියෙකු වන කාන්තාවක් සෙබළුන් 776,000 ක් සහ සිවිල් වැසියන් 96,000 ක් නියෝජනය කරයි.මෙය හමුදාවේ පළමු වන අවස්ථාව විය හැකි නමුත්, රිචර්ඩ්සන්ට එසේ වූයේ නැත. 

ඇය 1986 සිට එක්සත් ජනපද හමුදාවට බැඳී ඇති අතර 2012 දී ඇය පළමුවන අශ්වාරෝහක අංශය සඳහා "ප්‍රථම ඇමරිකාවේ පළමු කණ්ඩායම" ලෙස ප්‍රථම කාන්තා නියෝජ්‍ය අණදෙන නිලධාරියා බවට පත්විය.

2017 දී උතුරු කැරොලිනා හි ෆෝට් බ්රැග් හි ෆෝක්සෝම් හි පළමු නියෝජ්‍ය කාන්තා අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් රොබට් බී. ආබ්රම්ස්ගේ දෙවන ස්ථානයට පත්විය.

දැන්, ආර්බ්රාස් සිය ධුරයෙන් ඉවත් වන බැවින්, රිචර්ඩ්සන්, එක්සත් ජනපද හමුදාවේ ෆ්රොස්කොම් ප්‍රථම කාන්තා අණදෙන නිලධාරියා බවට පත්වනු ඇත.අඟහරුවාදා ඇබ්රාම් නිවේදනය කලේ එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්ගේ කොමාන්ඩෝ සේනාධිපති ධුරයෙන් ඉවත් වන බවයි. 

ඇයගේ වෘත්තියේදී රිචර්ඩ්සන්, උප ජනාධිපතිවරයෙකුට සහ එක්සත් ජනපද සෙනෙට් හමුදා සම්බන්ධීකරණ හමුදා නිලධාරියෙකු ලෙස යුධ හමුදා ගුවන් නියමුවා ලෙස සේවය කර ඇත.

ඇමරිකාවෙන් අහන්න ලැබුණු මේ උණුසුම් පුවත ස්ත්‍රී අපට මහත් ආඩම්බරයක් වන නිසයි ඉක්මනින් ම ඔයාලා වෙත අරගෙන ආවේ.

Sunday, October 14, 2018


         ස්ත්‍රී සූපවේදය

අද මම කල්පනා කළා ස්ත්‍රී තුළින් ගමේ රහට පොළොස් ඈඹුලක් හදා ගන්න අකාරය ඔබත් එක්ක බෙදා හදා ගන්න.මතකද අම්මේ හරී රසයි! හරියට කුකුල්මස් වගේ කිය කිය බත්, පාන්, එක්ක කෑවා.ම්..ම්..ම්..ම්...

එහෙමනම්, මෙන්න වට්ටෝරුව.
  

        ගමේ රසට,පොළොස් ඇඹුල







                                                                                                                      
සාදන ආකාරය

පොළොස් ගෙඩිය පොතුහැර, වහල්ල කපා, තරමක කැබලිවලට කපා ගන්න.හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් බැද, හොඳින් අඹරා ගන්න.මෙය සමඟ බැදපු දුරුකුඩු,ගොරකා හෝ තක්කාලි, කහ,රතුළුෑණු, තලා ගත් සුදුළුෑණු, රම්පෙ, කරපිංචා,ගම්මිරිස්,බැදපු මිරිස්,උම්බලකඩ හා ලුණු පොළොස් ඇතිලියට දමා හොඳින් අත ගා ගන්න.ඉන් පසුව දියකිරි කෝප්ප දෙක දමා ඇතිළිය ලිප තබා ගන්න.එය හොඳින් තැම්බී එන විට මිටි කිරි කෝප්ප තුන දමා තව දුරටත් මඳ ගින්නේ තෙල් පෑදෙන තුරු පිසෙන්නට හරින්න.










Monday, October 8, 2018


ස්ත්‍රී  , කාන්තාවන්ගේ නිදහස, අයිතිය, හෝ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය වැනි දෑ කතා කිරීමට පමණක් ම කාලය මිඩංගු කරන තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.
එන්න අපි කතා කරමු.ස්ත්‍රී ඔබේ ජීවිතය වර්ණවත් කරන රස රහස් ගැන.